1 / 29

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය - ශ්‍රී ලංකා ව

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය - ශ්‍රී ලංකා ව. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අර්ථ දැක්වීම ….

quinn-tran
Download Presentation

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය - ශ්‍රී ලංකා ව

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය - ශ්‍රී ලංකාව

  2. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අර්ථ දැක්වීම ….. • ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය “ඊ - අපද්‍රව්‍ය” නැතිනම් “විද්‍යුත් අපද්‍රව්‍ය හා ඉලෙක්ට්‍රොනික මෙවලම්” (WEEE) ‍යනු ඕනෑම කැඩී ගිය අනවශ්‍ය විද්‍යුත් හෝ ඉලෙක්ට්‍රොනික භාණ්ඩයන් වේ.ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඉලෙක්ට්‍රොනික භාණ්ඩයන් සමහරක් තව දුරටත් වෙළඳ ද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කළ හැකි නමුත් නැවත භාවිතා නොකළ හැකි අපද්‍රව්‍යම ලෙස සැලකේ. මෙහිදී දෙයාකාරයේම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය වලට දිරානොයන අහිතකර විෂ සහිත කොටස් අඩංගු වන හා ජෛව ජීර්ණ නොවන බවට වන පිළිගැනේ.

  3. ඊ - අපද්‍රව්‍ය වර්ගීකරණය මෙම වර්ගීකරණය ක්‍රම කීපයකට සිදුකල හැකිය. සිලෝන් වේස්ට් මැනේජ්මන්ට් ආයතනය එය පහත ලෙස වර්ගීකරණයට එකඟය. • විෂදායක කොටස් අඩංගු ඊ- අපද්‍රව්‍ය • විෂදායක කොටස් නොමැති ඊ- අපද්‍රව්‍ය • සුළු වෙනස්කමක් මගින් නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය - උදා : පරිගණක

  4. විෂදායක කොටස් අඩංගු ඊ- අපද්‍රව්‍ය ජිවින්ට සහ පරිසරයට හානිවිය හැකි මුලද්‍රව්‍ය සහ සංයෝග අඩංගුව පැවතිය හැකි ඊ - අපද්‍රව්‍ය මෙයට අයත් වේ. නිදසුන් ලෙස , CRT මොනිටර් විද්‍යුත් පරිපථ සියලුම ආකාරයේ බැටරි / කෝෂ රසදිය අඩංගු බල්බයන්

  5. විෂදායක කොටස් නොමැති ඊ- අපද්‍රව්‍ය ජිවින්ට සහ පරිසරයට හානිවිය හැකි මුලද්‍රව්‍ය සහ සංයෝග අඩංගුව නොමැති ඊ - අපද්‍රව්‍ය මෙයට අයත් වේ. උදාහරණ ලෙස , ලෝහ , ප්ලාස්ටික් සහ නොයෙක් ආකාරයේ දැව අඩංගු කොටස් සහ උපාංග

  6. අප නිවැරදි ප්‍රතිචක්‍රිකරණයක් කලයුත්තේ කුමක් නිසාද? http://www.youtube.com/watch?v=ZHTWRYXy2gE • චීනය , ඉන්දියාව ආදී ජෛව සහ පරිසර හිතකාමී නොවන මුලෝපයන් භාවිතය හරහා ඊ අපද්‍රව්‍ය කළමනාකරණය කරන අයුරු වීඩියෝ පටන් දැක්වේ.

  7. ලොවම විශ්ව ගම්මානයකි - එය සුරැකීම අප යුතුකමය..

  8. ඊ - අපද්‍රව්‍ය මගින් ඇතිවන පාරිසරික ගැටළු , • දිරාපත් නොවන ප්ලාස්ටික් ද්‍රව්‍යය • ඇතැම් අබලි ඉලෙක්ට්‍රොනික මෙවලම්හී ඊයම්, කැඩ්මියම් , බෙරිලියම්,රසදිය සහ බ්රෝමිනිකරණය වූ ගිනි පරිවාරක විෂදායක මුලද්‍රව්‍ය සහ රසායනික සංයෝග පැවතීම. • ගිනිගැනීමේදී , එවැනි මෙවලම් මගින් විෂ වායුන් පරිසරයට එකතුවීම. ඇතුළු බොහෝ සංකීර්ණ පාරිසරික බලපෑම් ඊ - අබලි ද්‍රව්‍යය මගින් සිදුවේ

  9. ඊ - අපද්‍රව්‍ය මගින් ඇතිවන සෞඛ්‍යය ගැටළු, • නිකල් ( Ni)- ඇදුම, සමේ රෝග , පෙනහළු වලට හානිවීම, පිලිකා කාරකයකි • ඇන්ටිමනි (Sb)- සම සහ ඇස් කැසීම, හිසකෙස් ගැලවියාම, හදවතට සහ පෙනහළුවලට හානි සිදුවීම, සරුබවේ සංකුලතා • බෙරිලියම් (Be)- ආනන නියුමෝනියාව, ස්වසන ව්‍යකුලතා, පෙනහළු පිලිකා ඇතිවීම • කැඩ්මියම් ( Cd)- පෙනහළු තුවාලවීම සහ මරණය සිදුවීම, වකුගඩු තුවාලවීම, පිලිකාකාරකයකි. • ලෙඩ් / ඊයම් ( Pb)- ආහාර අරුචිය, පේශින්ගේ වේදනාව, හිසේරදය, ශාරීරික දුර්වලතාවය, මොලයට හානිවීම හා මරණය සිදුවීම. එමෙන්ම ප්‍රජනක පද්ධතියට හානිවීම සිදුවේ.

  10. තවදුරටත් ,,,බ්රෝමිනිකරණය වූ ගිනි පරිවාරක විෂදායි රසායනික සංයෝග මගින් ඇතිවන සෞඛ්‍යය ගැටළු, • බහු බ්රෝමිකරණය වූ දෛෆිනොල් ඊතර (Polybrominated Diphenyl Ethers ) - PBDE – නිරක්තිය, චර්ම ගැටළු, අක්මාව + අමාශය සහ තයිරොයිඩ් වල සංකුලතා. ගර්භනී මාතාවන්ට මෙය මාරාන්තික සංයෝගයකි. • Tetra Bromo Bisphenol-A (TBBPA) - විකෘතීන් / පිලිකාකාරකයක් ලෙස ක්‍රියාත්මක වන අතර , අන්තරාසර්ග පද්ධතියට හානි වේ. ජලජ ජිවින්ට ඉතා විෂ සහිතයි. . • Polybrominated Biphenyls (PBB) - ආහාර ජාලයන් තුලින් සිරුරට ඇතුළුවන අතර අක්මාව, වකුගඩු සහ තයිරොයඩ් වලට හානිකරය.

  11. තවදුරටත් ,,, පි. වී. සි. ( PVC)- සත්ව අක්මාවට හානිකරය. ආසනික් ( As)- චර්ම සහ පෙනහළු පිලිකාහේතුකාරකයකි. බේරියම් ( Be)- හෘඳ ස්පන්දනයේ වෙනස්වීම් , අංශභාගය , මරණය සිදුවන අතර ජලජ ජිවින්ගේ ඇස් වලට බලපායි.

  12. ඊ - අපද්‍රව්‍ය සඳහා විසදුම්,, • අවශ්‍යම ඉලෙක්ට්‍රොනික උපකරණ පමණක් භාවිතා කරන්න • උපාංගයේ උපරිම ආයුකාලයම භාවිතා කරන්න • භාවිතයට ගතනොහැකි අබලි ද්‍රව්‍යය ප්‍රතිචක්‍රිකරණයට ලක්කරන්න.

  13. ප්‍රතිචක්‍රීකරණය යනු,, මෙහිදී ප්‍රතිචක්‍රීකරණය යනුවෙන් අදහස් කරන්නේ, මෙවලමක් නිෂ්පාදනයේදී, නවතම අමුද්‍රව්‍යය යොදාගැනීම වෙනුවට වෙනත්උපාංගවලින්නිස්සාරණය කරගත් පදාර්ථයන්ගෙන් එය නිෂ්පාදනය කිරීමයි. මෙමගින් ස්වභාවික සම්පත් ක්ෂයවීම, ශක්ති පරිභෝජනය අවමවීම, වායුගෝලය සහ ජලගෝලය දුෂණය වැලකීම සිදුවේ. එමෙන්ම සාම්ප්‍රදායික අපද්‍රව්‍යය බැහැරකිරීමේ අවශ්‍යතාවය අඩුවන අතරම,හරිතාගාර වායුන් පරිසරයට එකතුවිමද පාලනය වේ.

  14. ඊ - ප්‍රතිචක්‍රීකරණය කලයුත්තේ ඇයි ? 1.ස්වභාවික සම්පත් අවශ්‍යතාවය අවම කරගත හැක. 2. වටිනා බැර ලෝහ නිස්සරණය කරගත හැකිය. 3. ශක්ති අවශ්‍යතාවය අඩුකරගත හැකිය. 4. පරිසර හිතකාමිය 5. හරිතාගාර ආචරණය අවම වේ. 6. ආර්ථිකව වාසිදායකය.

  15. ඊ - අපද්‍රව්‍යය සම්බන්ධ නෛතික පාලන ආයතන • WEEE Directives - යුරෝපය • BASEL ACTION NETWORK ( BAN) • මධ්‍යම පරිසර අධිකාරිය - ශ්‍රී ලංකාව

  16. නීති සහ අණපනත් The WEEE Directive භාවිතා කරන ලද සියලුම ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් උපාංග එකතු කිරීම,ප්‍රතිචක්‍රීකරණය සහ මුලපදාර්ථයන් නිස්සරණය කිරීම සඳහා නීති මාලාවක් යුරෝපා සංගමයේ වර්ෂ 2003 සම්මත කරගත්තේය. මෙම නීතිවලට අනුව යම් උපාංගයක් නිෂ්පාදනය කල සමාගම විසින් එම භාණ්ඩය පරිසර හිතකාමී ලෙස බැහැරකිරීමේ වගකීම දැරිය යුතුය.

  17. නීති සහ අණපනත් • Basel Action Network – BAN ලෝක පාරිසරික තත්වයන්ට අහිතකර බලපෑම් ඇතිකරමින් ලෝකය පුර සිදුවන නීතිවිරෝධී හානිකර ඊ-අපද්‍රව්‍ය සහ එහි තාක්ෂණයන්ගේ වෙළඳ ආක්‍රමණයන්ට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රධානතම ලෝක සංවිධානය BASEL සංවිධානය වේ. බාසල් ප්‍රඥප්තිය මගින් ලොව රටවල් දෙකක් අතර සිදුවන පාරසරික හානිදායි ඊ- අපද්‍රව්‍යය පාලනයකට යටත් කරන අතරම දියුණු රටවල් මගින් දුප්පත් රටවල පාරිසරික තත්වයන් නොසලකා ඊ- අපද්‍රව්‍ය හෙලීම සම්බන්දයෙන් නෛතිකව ක්‍රියාත්මක වේ. මෙම සංවිධානය 1992 වර්ෂයේදී ඇතිකරන ලද අතර, ප්‍රධාන කාර්යාලය ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පිහිට ඇත.

  18. නීති සහ අණපනත් - දේශීය මධ්‍යම පරිසර අධිකාරිය - (CEA) ශ්‍රී ලංකාවේ ඊ - අපද්‍රව්‍යය කලමනාකරණය අධීක්ෂණය කරනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරිය මගින්ය. පරිසර අමාත්‍යංශය සහ බාසල් ප්‍රඥප්තියේ පාලක ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව CEA ආයතනය මගින් සම්බන්ධීකරණය කරයි. එහිදී ඇතිකරගත් එකඟතාවයට අනුව, ඊ- අපද්‍රව්‍යය කළමනාකරණය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට සහ එය ක්‍රියාත්මක කරවීමට ගිවිසගෙන ඇත.

  19. ලංකාවේ ඊ - අපද්‍රව්‍යය සැලසුම්කරණයේ නියමු ආයතනයසිලෝන් වෙස්ට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම • අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ඔබගේ ඊ- අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රීකරණය කලබවට සහතික කරන BASEL ප්‍රතිචක්‍රීකරණ සහතිකය ශ්‍රී ලංකාවේ නිකුත් කල හැක්කේ අප ආයතනයට පමණි. • අපහට BASEL සහතිකය ඇත. • අපහට මධ්‍යමපරිසර අධිකාරයේ සහතිකය ඇත. • ශ්‍රීලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතන සියල්ලගේම වරලත් ඊ - අපද්‍රව්‍ය සැලසුම් කරන්නේ අප ආයතනයයි. ශ්‍රී ලංකාවේ ඊ- අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රමුඛයෝ - CWM

  20. CWM ආයතනයේ හරය,, ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ ( BOI ) පුර්ණ අනුමත ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන පරිසර හිතකාමී ව්‍යාපාරයකි. ඊ- අපද්‍රව්‍යය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ පිහිටවන ලද පළමු ව්‍යාපෘතිය මෙය වන අතර ඊ- අපද්‍රව්‍ය මගින් පරිසරයට වන හානිය අවම කිරීම සඳහා එම අපද්‍රව්‍ය එකතු කර ප්‍රතිචක්‍රිකරණයට ලක්කිරීම සහ ප්‍රජාව දැනුවත් කිරීම මුලික අරමුණු වේ. සංවර්ධනයේදී විද්‍යුත් තාක්ෂණික උපකරණ භාවිතා කිරීම සිදුවන අතර එමගින් සිදුකරන පරිසර හානිය වලක්වා ගැනීම සඳහා අවශ්‍යය පරිසර හිතකාමී උපායමාර්ග හඳුන්වා දීමත් , සංවර්ධනක්‍රියාවලියේදී ඉවත්කරන අපද්‍රව්‍ය කළමනාකරණය කර, පරිසරය ආරක්ෂා කිරීමත් මෙමගින් සිදුවේ. මෙම ක්‍රියාවලිය සම්පුර්ණ කරගැනීම සඳහා අවශ්‍යය සියලුම පාරිසරික සහ වාණිජ සහතිකයන් අප සතුවන අතර අවශ්‍ය තාක්ෂණික සහය ජර්මන් රටෙන් ලබාගනී.

  21. අපි ක්‍රියාත්මක වන අයුරු, 1. ඊ- අපද්‍රව්‍යය සියලුම පුද්ගලික, රජයේ සහ තනි පුද්ගලයන්ගෙන් එකතු කිරීම. 2.එකතුකළ අපද්‍රව්‍ය කොටස් වලට වෙන් කිරීම. 3. තෝරාගත් අපද්‍රව්‍යය වටිනා ලෝහ නිස්සරණය සඳහා ජර්මනියේ කර්මාන්තශාලාවට යොමුකිරිම. 4. කර්මාන්ත ශාලාවේදී , රත්රන්, ප්ලැටිනම්, රිදී වැනි වටිනා ලෝහ වෙන්කර ගැනීම. 5. BASEL ප්‍රඥප්තියට අනුකුලව ඊ- අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කලබව සහතික කරනා BASEL හත්වෙනි ඇමනුමට අදාල සහතිකය ඊ- අපද්‍රව්‍යය ලබාදුන් ආයතනයට / පුද්ගලයාට නිකුත් කිරීම. 6. අපගේ ආයතනය සමග වරලත් අවබෝධතා ගිවිසුමකට එළබි සිටින ආයතනයන්ට අවශ්‍යය ISO පාරිසරික තත්ත්ව සහතික ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ලෙස අපගේ කර්මාන්තශාලාව භාවිතයට ඉඩ දීම.

  22. අපි ප්‍රතිචක්‍රීකරණය කරනා උපාංග ,, • Computer mother boards • PC scraps • CRT monitors • LCD panels • TV boards • Power supply • Transformers with/ without cables • HDD • Optical drivers & FDD • Printers, Keyboard + mouse • Fax + telephones Copper foil from Monitors • CRT tubes & TVs • cables with plug

  23. අපි ප්‍රතිචක්‍රීකරණය කරනා උපාංග ,, • TV York / Coils • TV & Monitor circuits • TV equators, • small fans • motor from washing machines • Magnetron • Compressors • Copy/ printer circuit boards • IT circuit boards • All type of plastics that result of dismantling process • Copper cables Etc

  24. ඔබට / ඔබගේ ආයතනයට ලැබෙන වරප්‍රසාදයන්, 1. ISO තත්ත්ව සහතිකයන් ලබාගැනීමට අවශ්‍ය නිසි ප්‍රතිචක්‍රීකරණ සහතිකය 2. BASEL ප්‍රතිචක්‍රිකරණයට අදාල බසෙල් ප්‍රඥප්තියේ 7 වන අමුනුමට අදාල සහතිකය. 3.ඔබගේ ආයතනය නිසි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක නිරත වන බව රජයට අදාල ආයතනයන්ට දැන්වීම. 4.ඔබගේ ආයතනයේ යහපත් නාමය ජනතාව අතර වියාප්ත වීම. 5. නිසි අපද්‍රව්‍ය කළමනාකරණයක් ආයතනයට තිබීම 6. විෂෙන් තොර පාරිසරයක ස්වසනය කිරීමට ඉඩ ලැබීම. 7. ඊ- අප ද්‍රව්‍යය කලමනාකරණය සඳහා වැයවන මුදල ඉතිරි වීම.

  25. අපගේ විශේෂතා, 1. ලබාදුන් ඊ- අපද්‍රව්‍යය මුල සිට අග දක්වා, ප්‍රතිචක්‍රිකරණයේ විවිධ අවස්ථාවන් නිරීක්ෂණය / හඳුනාගැනීමට හැකිවීම. 2. උපකරණ වල යම්කිසි දත්තයන් ඉතිරි වී තිබුනේ නම්, එම දත්ත තුන්වන පාර්ශවයකට යොමු නොවීම. නැතහොත්, දත්තයන්ගේ සුරක්ෂිත භාවය සහතික කිරීම. 3. යම්කිසි ආයතනයක් ලබාදුන් අපද්‍රව්‍ය වල රහසිගත භාවය ආරක්ෂා කිරීම.

  26. අපගේ අනාගත අරමුණු , අප සතුව ඇති ප්‍රධාන අරමුණ වන්නේ , ජිවින්ට ජීවත්වීමට සුදුසු පරිසරයක් ඔබ සියලු දෙනාගේම සහභාගිත්වයෙන් නිර්මාණය කිරීමයි. ඊ- අපද්‍රව්‍යය උපද්‍රවයෙන් ජෛව ගෝලය ආරක්ෂා කරගැනීම අප ආයතනයේ යුතුකම සහ වගකීම ලෙස අප සලකන්නෙමු.

  27. අපගේ අනන්‍යතාවය 1.BOI අනුමත එකම ඊ- අපද්‍රව්‍යය කළමනාකරණ ආයතනයයි. 2 ලෝක ව්‍යාප්ත වෙළද ජාලය සමග සම්බන්ධතා 3. ඍජුවම ලෝහ නිස්සරණය සිදුකරන කර්මාන්තශාලාවක් සමග ව්‍යාපෘතිය සිදුකිරීම 4. මෙම ක්ෂේත්‍රයේ පවතින විශේෂඥ දැනුම 5. රාජ්‍ය සහයෝගිතාවය 6. පරිසරයට ඇති ඇල්ම ජානගතව පැවතීම.

  28. වැඩි විස්තර ලබාගැනීම සඳහා, CEYLON WASTE MANAGEMENT (PVT) LTD Level 6, East Lower Tower World Trade Center Colombo 01 Sri Lanka. Hotline : +94 -11 4-336336 E Mail : info@ewaste.lk Web – www.ewaste.lk

  29. ස්තුතියි

More Related